"අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ"

අන්ධ පිරිමි ළමයෙක් පාර අයිනේ වාඩි වී සිටියා. ඔහු ඉදිරියෙන් පරණ තොප්පියක් තබා තිබුනු අතර ඒ තුල මිනිසුන් විසින් ආධාර ලෙස ලබා දුන් කාසි කීපයක් තිබුනා. පසෙකින් වූවේ බෝඩ් ලෑල්ලක්. එහි මෙසේ සටහන් වී තිබුනා.

"මම අන්ධයි..මට උදව් කරන්න"

... පාරේ ගමන් කල මිනිසෙක් ඒ අසල නැවතී කාසි කීපයකින් අන්ධ ළමයාට ආධාර කලා. ඉන්පසු බෝඩ් ලෑල්ල අතට ගත් ඔහු එහි අනෙක්පස වචන කීපයක් සටහන් කර පාරේ මගීන්ට පෙනෙන ලෙස යලිත් තැබුවා.

ආගන්තුක මිනිසා බෝඩ් ලෑල්ලේ යමක් සටහන් කල පසු ළමයාට වැඩි වැඩියෙන් ආධාර ලැබුනා.තොප්පිය මුදල් වලින් පිරී යෑමට පටන් ගත්තා. පාරේ ගමන් කල බොහෝ මගීන් කීයක් හෝ තොප්පියට දමා යාමට අමතක කලේ නෑ.

මද වේලාවකින් ආගන්තුක මිනිසා ඔහු කල වෙනසේ ප්‍රථිඵල බලන්න යලිත් පැමිනියා. ඔහුගේ අඩි ශබ්දයට අනූව අන්ධ පිරිමි ළමයා ඔහුව හදුනා ගත්තා.

"ඔබද මගේ බොඩ් ලෑල්ලේ යමක් සටහන් කලේ? ඒ මොහොතේ ඉදන් මට ගොඩක් ආධාර ලැබුනා ඔබ සටහන් කලේ මොකද්ද? " අන්ධ පිරිමි ළමයා ඇහුවා.

"මම ලිව්වේ ඔබ පිලිබද ඇත්ත...කලින් බෝඩ් එකේ ලියලා තිබුනු දේම මම වෙනත් විදියකින් ලිව්වා" මිනිසා පිලිතුරු දුන්නා.

මිනිසා බෝඩ් ලෑල්ලේ ලියා තිබුනේ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියාලයි.

කලින් ලියා තිබුනු දේ සහ පසුව ලියූ දේ අතර වෙනසක් ඔබ දකිනවාද?
පලමුව ලියා තිබූ "මම අන්ධයි..මට උදව් කරන්න" කියන දෙයින් කිව්වේ පිරිමි ළමයා අන්ධයි කියලා පමනයි.
නමුත් දෙවනුව ලියූ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියන දෙයින් අනෙක් මිනිසුන්ට ඔවුන් අන්ධ නොවන නිසා ඔවුන් කොපමන වාසනාවන්තදැයි පැවසුවා. ඉතින් ඔහුට ලැබුනු ආධාර දෙගුණ තෙගුණ වීමට පුදුම විය යුතුද?

ඔබ සතු දේවල් අගය කරන්න...ඒවාට ස්තූතිවන්ත වන්න..නිර්මාණශීලී වන්න...යමක් දෙස හැම දෙනාම නොබලන අලුත් කෝණයකින් බැලීමට හුරු වන්න.
ජීවිතය ඔබට හැඩීමට හේතු 100ක් දෙන විට ඔබ සිනා සීමට හේතු 1000ක් ඇති බව ජීවිතයට පෙන්වන්න

1 comments:

{ GRIF } at: November 29, 2011 at 9:25 PM said...

mm'''''''''

Post a Comment