The Dakshina Lanka Distributor E01 1

The Dakshina Lanka Distributor E01 also known as the Southern Lanka Express Highway

Bugs World title

Well Come to Bugs Bunny's Blog.

The Dakshina Lanka Distributor E01 3

The Dakshina Lanka Distributor E01 also known as the Southern Lanka Express Highway.

The Dakshina Lanka Distributor E01

The Dakshina Lanka Distributor E01 also known as the Southern Lanka Express Highway.

The Dakshina Lanka Distributor E01

The Dakshina Lanka Distributor E01 also known as the Southern Lanka Express Highway.


බලු හදවත

0 comments






මගේ ජිවිතය සීමා වේලා තියෙන්නේ අවුරුදු 10-15 අතරයි.
ඔයාලගෙන් වෙන්වී යාම හරිම වේදනාවක් තමයි මට නම් දෑනෙන්නේ..
ඒ හින්දා මතක ඈතිව මාව මිලදි ගන්න / ඈසුරු කරන්න කලින් ඒ ගෑන පොඩ්ඩක් හිතට ගන්න.

මට පොඩි කාලයක් දෙන්න ඔයාලව තේරුම් ගන්න. ඒ වගේම ඔයාලට උදව් කරන්න.

මාව විශ්වාස කරන්න උත්සහ කරන්න.
ඒක මට ඉතා වෑදගත් වෙනවා ඔයාලත් එක්ක ඈසුරු කරද්දි.

මා එක්ක බොහෝ වේලාවක් තරහින් ඉන්න එපා. ඒ වගේම මාව කූඩුකරලා, මට වේදනාවක් දෙන්න උත්සහ කරන්න එපා.
ඔයාලට සතුටින් ජිවත් වෙන්න, සෙල්ලම් කරන්න යාලුවෝ ඉන්නවා..
ඒත් මට ඉන්නේ ඔයා විතරයි..

මා එක්ක මොනවා හරි කතා කරන්න පුලුවන් හෑම වේලාවේම. මට ඔයාලා කියන දේවල් තේරුනේ නෑති වුනත් මට මතක හිටිනවා ඔයාලගේ කටහඩ.

ඔයාලා කවුරුත් මට කළගුණ සෑලකුවහොත් ඒ දේ මං ජිවිතය තියෙන තාක් කල් අමතක කරන්නේ නෑ..

මට ගහන්න කලින් පොඩ්ඩක් හිතන්න : මං ලග තියුණු දත් තියෙනවා. මට ඕනේ නම් ඒ දත් වලින් ඔයාලගේ අතේ කටු වුනත් කඩන්න පුලුවන්..
ඒත් මං ඔයාලව එහෙම සපා කන්නේ නෑ..

මං සාමාන්‍යයෙන් තේරුමක් නෑතිව මුරණ්ඩු වෙන්නේ නෑ.
ඒ වගේ සිතුවිල්ලක් ඔගොල්ලන්ට ආවම ඔයාලා හිතට ගන්න මට වේදනාවක් දෑනෙන හින්දා වෙන්න ඈති කියලා.
හරි හෑටි කෑමක් මට නොලෑබුනා නම්, ඒ වගේම අව්වේ වෑඩිපුර මට ඉන්න වුනා නම්, එහෙමත් නෑත්නම් හදවතට වේදනාවක් ඒ වගේම අමාරුකමක් තිබ්බොත් විතරයි මං මුරණ්ඩු වෙන්නේ...

මං වයසට ගියාම මාව බලාගන්න. ඔයාලත් කෙදිනක හෝ වයසට යනවා කියන එක මතකයේ තියා ගන්න..

මාව දුෂ්කර ගමන්බිමන් වලට සහභාගි කරවා ගන්න.
කවදාවත් හිතන්න එපා : මට ඒ වගේ දෙවල් දෑක්කාම බය හිතෙයි.. ඒ වගේම මාව මේ දේට සහභාගි කර ගන්න ඕනේ නෑ කියලා හිතන්න එපා..
මට හෑම දෙයක්ම ලේසි වෙනවා, ඔයා මා එක්ක ඉන්න තාක්කල්..

මතක තියා ගන්න මං කවදාත් ඔයාලට ආදරේ...

මහින්ද රාජපක්ෂ රඟහල

0 comments

චීන රජයේ පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 3,000කට අධික වියදමින් ඉදි කර ඇති ‘නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල’ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මේ මස 15 වැනිදා විවෘත කෙරේ. චීන ජනරජය වෙනුවෙන් එරට ඉහළ පෙළේ ප්‍රභූන් පිරිසක් ද එම රඟහලේදී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවකදී එබව අනාවරණය කළේය. මහල් හතකින් යුත් මේ රඟහල අංග සම්පූර්ණ නෘත්‍ය ශාලාවක්, එළිමහන් රංග ශාලාවක්, ප්‍රදර්ශන ශාලා දෙකක්, නාට්‍ය සඳහා පෙර සූදානම් වීමේ කාමර 13ක් ඇතුළු අති නවීන පහසුකම් සහිත ඉහළම තාක්ෂණයෙන් යුක්තව නිර්මාණය කරන ලද්දකි. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව නිර්මාණය කැර ඇති මේ රඟහල ලෝකයේ ඇති අති නවීන රංග ශාලා අතළොස්සට ඇතුළත්ව තිබීම විශේෂත්වයකි.
මෙහි ඇති ප්‍රධාන රංග ශාලාව ආසන 1288කින් සමන්විත ය. රංග පීඨය කොටස් තුනකින් යුක්ත වන අතර ස්වයංක්‍රීයව ඉහළට හා පහළට ගමන් කරවිය හැකි කොටස් තුනකින් එය සමන්විතය. ඔපෙරා නෘත්‍ය ශාලාවක ස්වරූපය ගන්නා මෙහි මුළු විශාලත්වය වර්ග මීටර් 690කි. 'නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල' විවෘත කැරෙන ලබන 15වැනිදා මෙම රංග ශාලාවෙහි විශේෂ නෘත්‍ය ප්‍රසංගයක් ද පැවැත්වේ. සංගීත සන්ධ්වනියක ස්වරූපය ගන්නා මෙහි කතා තේමාවෙන් අතීතයේදී චීනයේ සිට සේද මාවත ඔස්සේ පෙරදිගට පැමිණි ෆාහියන් භික්ෂුවගේ ලංකාගමනය නිරූපණය කෙරේ. මෙහි අධ්‍යක්ෂණය ප්‍රවීණ නාට්‍ය ශිල්පී ජයන්ත චන්ද්‍රසිරිගෙනි. සංගීත නිර්මාණයෙන් ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ හා නර්තන අංග නිර්මාණයෙන් චන්න විජේවර්ධන කලාකරුවෝ දායක වෙති.