ව්‍යාපාරික ප්‍රශ්නයක දේශපාලනික මුහුණුවර......................

ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක් වන ලයිසියම් ජාත්‍යයන්තර පාසලෙහි හිමිකරුවා වන මොහාන් ලාල් ග්‍රේරූ මහතා ආණ්ඩුවට ගොස් ඇත.


නමුත් මෙසේ වන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වන්ට කිසිවෙකුත් අසමත් විය. ලංකාවේ දේශපාලනයට විවිධ ව්‍යාපාරිකයන් රැගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුක යූ.ඇන්.පී ආන්ඩුය. එය කෙතරම් දුර දිග ගියා දැයි කිවහොත් රාජා මහේනද්‍රන් විසින් පඩි ලබා දෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දහ දෙනෙකු නිර්මාණය කරණු ලැබීය.

රනිල් වික්‍රමසිංහ දේශපාලනයට ගෙනා ව්‍යාපාරිකයන් නිසා දේශපාලනය ඔම්ලට් එකක් බවට පත් විය. ව්‍යාපාරිකයන් විසින් මෙම ඔම්ලට් එක කා දැමූ නිසා ව්‍යාපාර හැර අන් සියල්ල අන්තරස්දහන විය.

දැන් ග්‍රේරු මහතා ආණ්ඩුවට ගොස් ඇත්තේ තම ව්‍යාපාර බේරා ගැනිම උදෙසා මිස දේශපාලනය උදෙසා නොවේ. ඒ නිසා මෙය දේශපාලනික ප්‍රශ්ණයක් නොව ව්‍යාපාරික ප්‍රශ්ණයක්ය.

0 comments:

Post a Comment