මෙහි ඇති ප්‍රධාන රංග ශාලාව ආසන 1288කින් සමන්විත ය. රංග පීඨය කොටස් තුනකින් යුක්ත වන අතර ස්වයංක්‍රීයව ඉහළට හා පහළට ගමන් කරවිය හැකි කොටස් තුනකින් එය සමන්විතය. ඔපෙරා නෘත්‍ය ශාලාවක ස්වරූපය ගන්නා මෙහි මුළු විශාලත්වය වර්ග මීටර් 690කි. 'නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල' විවෘත කැරෙන ලබන 15වැනිදා මෙම රංග ශාලාවෙහි විශේෂ නෘත්‍ය ප්‍රසංගයක් ද පැවැත්වේ. සංගීත සන්ධ්වනියක ස්වරූපය ගන්නා මෙහි කතා තේමාවෙන් අතීතයේදී චීනයේ සිට සේද මාවත ඔස්සේ පෙරදිගට පැමිණි ෆාහියන් භික්ෂුවගේ ලංකාගමනය නිරූපණය කෙරේ. මෙහි අධ්‍යක්ෂණය ප්‍රවීණ නාට්‍ය ශිල්පී ජයන්ත චන්ද්‍රසිරිගෙනි. සංගීත නිර්මාණයෙන් ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහ හා නර්තන අංග නිර්මාණයෙන් චන්න විජේවර්ධන කලාකරුවෝ දායක වෙති.
0 comments:
Post a Comment